ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඈති අප පාසල, නිට්ටඹුව නගරයේ සිට අත්තනගල්ල මාර්ගයේ කිලෝමීටර් 7 ක් පමණ දුරින් පිහිටි රුග්ගහවිල නගරයේ පිහිටා ඈත. සුවිසල් වන්ස්පතියක් සේ ප්‍රදේශයේ දරු දැරියනට සෙවන සදන අප පාසල් මෑණියන් මුතු කැටවන් දරු දැරියන්ට සිප් කිරි පොවමින්, ඔවුන් ඔපලමින් සමාජයට වැඩදායක පුරවැසියන් බිහිකරමින් සිටි. මෙම භාර දූර කාර්යයෙහි නියමුවාණන් වන්නේ වර්තමාන විදුහල්පතිතුමන් වන සංජීව ප්‍රේමරත්න මහතානන්ය.
ගුණ නැණ සපිරි මනා පෞරුශයකින් හා බුද්ධියෙන් හෙබි පුද්ගලයකු ගොඩනැගීම.
පුර්ණ විෂය මාලාව ක්‍රියාත්මක කිරීමෙන් සැගවුණු දක්ෂතා වර්ධනය කරන, අන්‍ය සංස්කෘතියට ගරුකරන ගුණැති, නැණැති, බලැති පුද්ගලයකු සමාජයට දායාද කිරීම සදහා, කාර්යක්ෂම හා ඵලදායි ලෙස පාසල සංවර්ධනය කිරීම.